අන්තර්ජාලය හා ළමා පරපුර

 ලෝකයේ දිවි ගෙවන බොහොමයක් මිනිසුන්ට අද නැතිවම බැරි දෙයක් ලෙස අන්තර්ජාලය හදුන්වා දිය හැකිය. අන්තරජාලය තුළ නොකෙරන දෙයක් නැති තරම්ය. අද වන විට මෙම අත්තරජාලය ජීවත් වන මිනිසුන්ගේ  එක් අවයවයක් වැනිය. ඒ අන්තර්ජාලයයි. මෙම අන්තර්ජාලයම ටික කලකට ඉහත දී සන්නිවේදන තාක්ෂණයද, ඉන් තවත්කලෙක දී  තොරතුරු සන්නිවේදන තාක්ෂණය යනුවෙන්ද යාවත් කාලීන විය. දැන් ඇත්තේ තොරතුරු  සන්නිවේදන තාක්ෂණයි. 

    අද වන විට තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා තාක්ෂණය නොහිතන ආකාරයට යාවත්කාලීන වෙමින් පවතී. විවිද උපකරණ  මෙන්ම අප භවිතා කරන ගොඩක් උපකරණ යාවත්කාලීන වී ඇත. අතීතයේ අපට ගමනක් යෑමට අවශ්‍ය නම් දින කිහිපයකට කලින් අප ඒ සදහා සූදනම් විය යුතුය. දැන් එසේ නොමැත. අපේ අවශ්‍යතාවය සදහා අප මහන්සි විය යුතු නැත. අවශ්‍ය වන්නනේ දුරකතයෙන් ඇමතුමක් දීම හෝ අන්තර්ජාලය භවිතා කිරීම පමණි. එය ඉතා පහසුය. අපේ කාලය ශ්‍රමය යන දෙකම ඉතිරි වේ. අද වන විට ලෝකයේ බොහෝ රටවල මෙම අන්තර්ජාල සේවා ඉතාම විදිමත් මෙන්ම කාර්යක්ෂමව ක්‍රියාවට නැංවී ඇත. ඒ වගේම මෙම අන්තර් ජාල සේවා නිසා විශාල කාර්යභාරයකට යන වෙලා මෙන්ම ශ්‍රමයද ඉතිරිව ඇත. එය අප ලැබු ජයග්‍රහණයකි. මෙම හොද වගේම නරක පැත්තකුත් ඇතිබව අප කවුරුත් දන්නා දෙයකි. එනම් එම නරක පැත්ත මොකක්ද ඒ නරක පැත්ත මගඅරින්නේ කෙසද කියා අප බලමු.

     මම මේ සටහන ලියන කාලය එනම් 2021.05. 15 වන විට ලෝකය මෙන්ම ලංකාවද කොවිඩ් 19 වෛරසයෙන් පීඩා විදින කාලයයි. මෙ වන විට ලංකාවේ පාසල් වසා දමා ඇත. ඒ කොයි 19 වෛරසය හේතුවනි. මේ දින වල බොහෝ පාසල් ගුරුවරු මාර්ගත ක්‍රමයට (ONLINE) ක්‍රමයට පන්ති පවත්වයි. ඒ අන්තර්ජාලය හරහයි. ඉතින් දෙමාපියණුත් තමන්ගේ දරුවාට උගන්වා ගැනීමට තියෙන අවශ්‍යතාවයට එසදහා පහසුකම් සපයයි.  ඒ සදහා ස්මාර්ට් ජංගම දුරකථනයක් අරන් දෙයි. ඉන් පසු දෙමාපියන් දරුවා ගැන සොයාබලනවාද පිලිබද ගැටලුවක් ඇත. වර්ථමානයේ ඉන්නා ළමයිග මෙම තොරතුරු තාක්ෂණය පිළිබද සහ ස්මාර්ට් ජංගම දුරකථනයේ වැඩ ඉතා හොදින් දනී. කරුමයක මහත නම් මේ පිළිබද බහුතරයක් දෙමාපියන් මෙලෝ හසරක් නොදැන සිටීමයි. එය තමයි ලොකුම ගැටලුව.  දරුවන් බොහෝ දෙනෙක්  මෙම ස්මාර්ට් ජංගම දුරකථන වලට ඇබ්බැවී ඇත. එය විශාල ගැටලුවකි. එය ගැටලුවක් වන්නේ මේ අකාරයෙනි. 

01. සෞඛ්‍යය ගැටුලුවක් වන්නේ. කෙසේ ද?

මෙම ස්මාර්ට් ජංගම දුරකථනයට ඇබ්බැහි වු දරුවන් ක්‍රියාශීලී බව ටිකිටින් ටික අඩු කරගනී. එනම් වෙනදා එලිමහනේ සෙල්ලම් කර දරුවා  දැන් වැඩි පැයගනණක්  ස්මාර්ට් ජංගම දුරකථනයේ  තිරය දෙස බලා ගෙන එක් තැනකට වී. ස්මාර්ට් ජංගම දුරකථනයේ ඇති වීඩියෝ ක්‍රීඩවක් සමග වීඩියේ ක්‍රීඩාවක නිරිත වේ. එය වඩාත් හානිදායක වන්නේ ශරීරසෞඛ්‍යයටය. 

02. මානසික සෞඛ්‍යට ගැටලුවක් වන්නේ කෙසේ?

මෙම ස්මාර්ට් ජංගම දුරකථනයට ඇබ්බැහි වු දරුවන් අත්තර්ජාලය හරහා නොයෙක් විද අහිතකර වැඩසටහන් වීඩියෝපට මෙන්ම නොයෙක් අහිතකර දේවල්  මෙම ස්මාර්ට් ජංගම දුරකථනය හාරහා නැරඹීමට හැකිය. එය තමයි තමයි තවත් එක් විශාලම ගැටලුවක් වන්නේ.  වැඩිහිටි දර්ශන පවා මෙම ස්මාර්ට් ජංගම දුරකථන හරහා නැරඹීමට ඇති හැකියාව. ඉතා වැඩිය. එවැනි දෑ ළමා මනස විකෘති කර එවැනි දෑ අත්හදා බැලීමට යයි. 

ඉහත සදහන් කර ඇති ගැටලු ප්‍රධන වශයේ දැකිය හැකි ගැටලු ලෙස දැක්විය හැකිය. නමුත් මේ සියල්ලන්ගෙන් මිදී කරනා දේ හරියට කරන දරුවන් අප දැක ඇත. නමුත් සියල්ලන් එක වගේ නොවන බවත් තරයේ මතක තබා ගත යුතුය.  මෙවැනි දෙයට පිළයම් මොනවාද?

පිළියම් ඇත. මෙම ස්මාර්ට් ජංගම දුරකථනයක්  වෙනුවට ඩෙස්ක්ටාප් පරිගණකයක් අරන් දෙන්න. හැමොටම පෙණෙන පරිදි විසිත්ත කාමරයෙන් තියන්න. ස්මාර්ට් ජංගම දුරකථනයක් අරන් දෙන්න. මව හෝ පියා සන්තකයේ තියාගන්න. අවශ්‍ය වෙලවවට දෙන්න පසුව ඔබ සන්තකයට නැවත ගන්න. එලිමහනේ සෙල්ලම් කිරීමට නිදහස දෙන්න. පරිසරයෙන් ඉගෙන්න ගන්න තියෙන දේ බොහෝයි. අත්තර්ජාලය තුලත් අධ්‍යාපනික වේබ් අඩවි ඕනෑතරම්. එවා නැරඹීමට අවකාශය සලසන්න. අන්තරජාලය කියන්නේ නරක දේකුත් නෙම්

Comments

Popular Posts